
ජේසුදාසන්ගේහෘද සාක්ෂිය
පිළියන්දලින් එල්ලී එකසිය විස්සක
ගාටමි මග දෙපස විපරමින්
නෝලිමිට් බිල්ඩිම
නොපෙනෙන එක
කෙතරම් වටීද මෙතැනට
පාමංකඩින් නොබලමි
කුණුඇලෙන් එපිට දෙහිවල
දුමරිය පොලේ කලුදුම
නාස්පුඩු දවාලන
හැව්ලොක් පාර කෙළවර
සගවමි මුහුණ දණ මත
රංජන් ඔබද මා දෙස
සිනාසෙන්නේ කිංඩියට
මල්පාර අද්දර ඉඳගෙන
දරුවෙකුට අකුරු කියවන
ලලිත් දෙස නොබලාම
රිංගමි සෙනග අතරට
පුරහලෙන් බැස බිමට
නගිනෙමි පනස් පහකට
බිම බලන්නට බයහිතෙන
පාට පාටින් ඇන්ද බලිරූ
දකින්නට නොගොස් කිංසි පාරේ
මරදානෙදී බසය කිම ගැස්සුනේ
වරක් නොව දෙවරක්ම
ආමර්වීදියෙ හංදියෙ
සෙනග ඔක්කොම බැස්සනේ
කැඩිච්ච සයිකලෙත් තල්ලුකරං
බාබුවා නේද අර හැංගුනේ
මෙතනිං බැහැල
තොටලගට
යන්න ඔනි නාගලගම් පාරට
ගාමිණි ඇති මල්ලිමත් එක්ක
චැට දාං ගජරාමෙට
ඔටුව පිටෝටුව
කෙහොම යන්නද රෙදි ඇඳං
ටෙලිකොම් මහබැංකු
මගබලන් ඇති එනකං
මටුටක්කුලියෙ අප්පගෙ
මහගේ ලගම වමපස
කිෂ්ණගේ පොට්එකෙන්
සීයක් දාගෙනම
නගිනව
මල්ලිවත් බලාගෙන
ඇයි මේ බ්ලොග් එක නොලියන්නෙ චින්තක ? මොකෝ චින්තක වගේ කෙනෙකුට ලියන්න අත්දැකීම් නැහැ කියලද ? ලියන්ඩ අෆ්ෆා...
ReplyDeleteමොකටද වචන නාස්ති කරන්නේ
ReplyDeleteසුපිරිම සුපිරියි
මේ වර්ඩ් වෙරිපිකේෂන් අයින් කලොත් නරකද මහත්තයෝ
හත් දෙයියනේ කවුද දන්නේ චින්තත අයිය බ්ලොග් ලියනව කියල??
ReplyDeleteවේලාව ඉඩ කඩ ඇති විදිහට ලියන්ට අප්පා..
අපූරුයි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!