Friday, February 18, 2011

පුනරාගමනය හෙවත් නැවත පැමිණීම

ටිකක් හිනාවෙන අබීතගෙ අවිනීත බලහත්කාරය මත අතරමග අතැරල දාල තිබිච්ච බ්ලොග් ගල් ටිකෙත් බ්ලොගයක් ගොඩනගන්න පටන්ගත්තා. තුඩුගල ඇල්ලෙ තිබ්බ දුකාගෙ දුක්කප්‍රාප්තියේ දුක තුනී වෙන්නත් කලින් ඉංදු ලංකා ගිවිසුම වගේ බලහත්කාර ගිවිසුමකට එළඹෙන්ට සිද්දඋනා ආයිබොවං, මේ කියපු ඇබිත්ත කොලුව (වැරදුනා) අබීත (ආයෙත් වැරදුනා) අභීත කොලුවත් එක්ක ඒක මෙහෙමයි. හැම මාසෙම මම අඩුගානෙ එක පෝස්ට් එකක් වත් දාන්න ඔනෙ. නැත් නම් දානකම්ම ඇණයක් වෙනවා කියන එක. ඒත් ඉතිං එයා නිකම්ම ඇණයක් නෙවෙයි මළකඩ කාපු මළ ඇණයක් වෙන්න කලිං ඔ්ං එසැනින යුනිකෝඩ පරිවරතකයාවත් හවුල් කරගෙන වැඩේට බැස්සා. මේකෙ තියෙන අවුල තමයි හදිසියේවත් අකුරු වල වරැද්දක් දැක්කොත් ආයෙමත් හදන්න වෙන්නේ ඉංගිරිසි අකුරු වලින් ඉව අල්ලගෙන ගිහිං වීම. අනෙක නැවතීම් ලකුණු කොමා එහෙම එවෙලෙම දාන්න බැරිකම. දසුන් සමීර දරුවා මේකට විසඳුමක් හැටියට ඇපල් වලට හරියන යුනිකෝඩ කීබෝඩ් ඩ්‍රයිවරයක් හදාගෙන යනව කිව්ව. එයාගෙ සිග්මා Cigma එකෙන් ඒක හදපු දවසට එයාගෙ ඇපල් වලට රසායනාගාර මීය නොහොත් ගිනිපිග් Guinea pig මම නිසා අනිවාර්යෙන් මට කොපියක් නොමිලෙම ලැඛෙයි .එතකං මේ විදිහට කොට කොටා තමයි පෝස්ට් දාන්න වෙන්නෙ. නැත්නම් අර වසවර්ති ඇබිත්තයා මාව මරං කනවනේ පොරොන්දු කැඩුව කියල.