ජේසුදාසන්ගේහෘද සාක්ෂිය
පිළියන්දලින් එල්ලී එකසිය විස්සක
ගාටමි මග දෙපස විපරමින්
නෝලිමිට් බිල්ඩිම
නොපෙනෙන එක
කෙතරම් වටීද මෙතැනට
පාමංකඩින් නොබලමි
කුණුඇලෙන් එපිට දෙහිවල
දුමරිය පොලේ කලුදුම
නාස්පුඩු දවාලන
හැව්ලොක් පාර කෙළවර
සගවමි මුහුණ දණ මත
රංජන් ඔබද මා දෙස
සිනාසෙන්නේ කිංඩියට
මල්පාර අද්දර ඉඳගෙන
දරුවෙකුට අකුරු කියවන
ලලිත් දෙස නොබලාම
රිංගමි සෙනග අතරට
පුරහලෙන් බැස බිමට
නගිනෙමි පනස් පහකට
බිම බලන්නට බයහිතෙන
පාට පාටින් ඇන්ද බලිරූ
දකින්නට නොගොස් කිංසි පාරේ
මරදානෙදී බසය කිම ගැස්සුනේ
වරක් නොව දෙවරක්ම
ආමර්වීදියෙ හංදියෙ
සෙනග ඔක්කොම බැස්සනේ
කැඩිච්ච සයිකලෙත් තල්ලුකරං
බාබුවා නේද අර හැංගුනේ
මෙතනිං බැහැල
තොටලගට
යන්න ඔනි නාගලගම් පාරට
ගාමිණි ඇති මල්ලිමත් එක්ක
චැට දාං ගජරාමෙට
ඔටුව පිටෝටුව
කෙහොම යන්නද රෙදි ඇඳං
ටෙලිකොම් මහබැංකු
මගබලන් ඇති එනකං
මටුටක්කුලියෙ අප්පගෙ
මහගේ ලගම වමපස
කිෂ්ණගේ පොට්එකෙන්
සීයක් දාගෙනම
නගිනව
මල්ලිවත් බලාගෙන